අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් කේ. ලල්ගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
එසේම අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අභියාචනාධිකරණයේ සභාපති ලෙසද පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ඔවුහු අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.