අභ්‍යන්තර ප්‍රවාහනයේ දූෂණ ආක්‍රමිකතාවලට නීතිමය පියවර
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ එහි අනුබද්ධ ආයතනවල පසුගිය වසර පහක කාලය තුළ සිදුවී ඇති දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව අනුව වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමට නීතිපති උපදෙස් ලබාගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (06දා) පැවසීය.
විමර්ශන කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, ඒ වෙනුවෙන් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.
2015 ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ශ්‍රී ලං.ග.ම බස්රථ ලබාදීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 142 මුදලක් මෙතෙක් නොගෙවීම, ලංගම සැපයුම්කාර ණය මත මිලදී ගත් නව බස් රථ 2200 ක් සඳහා ලැබිය යුතු වට්ටම් නොලැබීම එහි ප්‍රධාන කරුණය.
ලංගම ලාංඡනය භාවිත කරමින් පෞද්ගලික බස් රථ ධාවනය කිරීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා ආනයනය කළ අධි සුඛෝපභෝගි බස් රථ 20 ක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ධාවනය කිරීම, උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී ඉදිකිරීම්වල අධික පිරිවැය හා ඇස්තමේන්තු පිළිබඳ ගැටලු, විධිමත් ක්‍රම‘වේදයෙන් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බාහිර ආයතනවලට පැවරීම හා බදුදීම ආදි කරුණුය.
මේ සම්බන්ධයෙන් වූ නිර්දේශ වෙනුවෙන් අදාළ නීති ක්‍රියාමාර්ග ගනු ලබන බවද අභ්‍යන්තර ප්‍රධාන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

