වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කිරීමට මුදල් අමාත්‍යවරයා අයවැයෙන් කටයුතු කළේය.
එසේම පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කළේය.
දක්ෂිණ අධිවේගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමණාකරනයට විශේෂ ඒකකයක් පිහිටුවන බවත් නොරොච්චෝලේ බලාගාරය සුරැකුම්කිරීමට කාර්යය ඒකකයක් ස්ථාපිතකරන බවත් අමාත්‍යවරයා පැවැදසීය.
දිගන, බදුල්ල හා පුත්තමේ අභ්‍යන්තර ගුවන්තොටුපොළ තුනක් ඉදිකරන බවත් ඔහු සඳහන කළේය.