අබුඩාබි සුරක්ෂා නිවාසවල රැඳී සිටින රැඳවියන් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අඩුඩාබිහි ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සිය අඩුඩාබි සංචාරයේදී මෙලෙස අමාත්‍යවරිය උපදෙස් දී ඇති අතර,මෙම රැඳවියන්ගේ ගැටලු සොයාබැලීමටද අමාත්‍යවරිය එකතු වී ඇත.
ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය උපරිම මැදිහත්වීමසිදුකරන බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාදීමට මැදිහත් වන බවත් තලතා අතුකෝරල අමාත්‍යවරිය පැවසුවාය.
නිවැරදි නීතිරීති අනුව විදෙස්ගතවන ලෙසත්,සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත නොවන ලෙසත් ඉල්ලා සිටින අමාත්‍යවරිය ව්‍යාජතොරතුරු සපයමින් විදෙස්ගත නොවන ලෙසදශ්රීලංකා ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියාය.
අබුඩාබි ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ මේවනවිට ශ්‍රමිකයන් 08 දෙනෙකු සිටින බවද විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේය.