සංචාරයක් සදහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.
අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.