මැතිවරණ අපේක්ෂිකාවන්ට නින්දා හා අපහාස වන ආකාරයට කටයුතු කරන සියලු දෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපහාස වන ආකාරයේ සිදුවීමක් සිදුවුව හොත් ඒ පිළිබඳ ළඟම පිහිටි පොලීසියේ ළමා හා කාන්තා ඒකකයට පැමිණිලි කරන ලෙස පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (27දා) පැවැති මාධ්‍ය සාකඡාවකදී සඳහන් කළේය.
අදාළ පැමිණිලි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂිකාවගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනය කරන බවද හෙතෙම පැවසීය.
මීට අමතරව 011-3024884 යන දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැමිණිළි කල හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.