ඉන්දියාවට වන්දනාවේ යන ශ්‍රී ලාංකිකයන් එරට සිද්ධස්ථානවල ඇති පිංකැටවලට මෙරට කාසි දැමීමෙන් වළකින ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදට පවසා සිටියේය.
ඒ වෙනුවට, යමෙකුට අවශ්‍ය නම් ඉන්දීය කාසි එරට පිංකැටවලට දැමීමට හැකි බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ සිද්ධස්ථානවල ඇති පිංකැටවල ශ්‍රී ලාංකීය කාසි ටොන් 10ත්, 20ත් අතර ප්රමාණයක්ගොඩගැසී ඇති බවත්, එය ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට වැඩදායී නොවන බවත් පවසමින් අධිපතිවරයා මෙසේ පවසා සිටියේය.