මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී නගර සභාවල හා ප්‍රාදේශීය සභාවල සිටි සභාපතිවරුන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.
පසුගිය පාලන සමයේදී චෝදනාවට ලක් වූ සියලුම සභාපතිවරුන් අද වනවිට සිටිනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චෝදනා කරන පුද්ගලයන් සමඟ බවත්, පසුගිය පාලන කාලයේදී එම සභාපතිවරුන් ආරක්ෂා කරනු ලැබූයේ කවුරුන්දැයි ජනතාවට අවබෝධ කරගත හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු සභාපතිවරුන් ගැන තමන්ට ලොකු විශ්වාසයක් තිබෙන බවයි.