අටමස්ථානය ඇතුළු වෙහෙර විහාර වැදපුදා ගැනීම සඳහා සති අන්තයේ අනුරාධපුරයට පැමිණි බැතිමතුන් විශාල ප්‍රමාණයකට ආපසු යාම සඳහා බස් නොමැතිවීම හේතුවෙන් ඊයේ (27දා) ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත් විය.
අනුරාධපුර පැරණි බස්නැවතුම්පලෙන් හා දුර ගමන් සේවා බස් නැවතුම්පලෙන් කොළඹ, නුවර හා කුරුණෑගල දක්වා දිවෙන බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුව ද, පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාව හේතුවෙන් එය ප්‍රමාණවත් නොවීය.