විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිපත්වීමත් සමගඉදිරි දිනවලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කීපයකම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඒ මහතාට සහාය දක්වමින් ආණ්ඩු පක්ෂය හැර යාමට තීරණය කර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.
උතුරු මැද පළාත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් එක්වීමත් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැඳගැනීමට සූදානම් බව වාර්තා වේ.
ඒ අනුව රාජාංගණය, පදවිය, ගල්නෑව, ඉපලෝගම, තලාව,මිහින්තලය, තිරප්පනය යන ප්‍රාදේශීය සභා කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පිල් මාරුවකට සූදානම්ව සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.