රටේ නායකයින් ලෙස හැම මොහොතකම මහ ජනතාව වෙනුවෙන් කැප වී සිටිය යුතු බවත් ඇමතිවරු ලෙස රට ගැන මීට වඩා රට ගැන සිතා වගකීමෙන් වැඩ කළයුතු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. “රටේ පාලකයින් වෙනුවෙන් වියදම් කරන්නේ තමුන්නාන්සේලාගේ බදු මුදල්. අද ඉන්න ජනාධිපතිතුමාගේ ජීවන වියදම හිටපු ජනාධිපතිතුමා එක්ක බැලුවම දහයෙන් එකක්වත් නැහැ. අගමැතිතුමත් එහෙමයි. අපි ක්‍රමවේදයක් හැදුවා. ඇමතිවරු විදියට අපිට තියෙන වියදම් අපි කප්පාදුවට ලක්කළා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට සේවයක් කිරීමට මිස අපිට සේවයක් කරගැනීම නොවේ.” යනුවෙන් අමාත්‍යවරයා පැවසුයේ අද (01) මහජන හමුවකට එක් වෙමිනි