තම සංවිධානය නොහිතපු අයෙක් පොදු අපේක්ෂක ලෙස නම්කර තිබෙන හෙයින ඒ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව බොදු බල සේනා සංවිධානය අද ට පැවැසීය.
"අපේ තීරණය පිළිබඳ දැනුම් දෙන්න දැන් කල්ගන්නවා. මොකද දැන් ඇති වෙලා තියෙන තත්ත්වය සංකීර්ණයි. අපි බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමෙයි පොදු අපෙක්ෂකයා වුණේ. අපි ඉක්මන් වෙන්නේ නෑ. අපි හොඳින් කළමනාකරණය කරලා තමයි තීරණයට එන්නේ." යනුවෙන් එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.