තම කණ්ඩායම කිසිවිටකත් මුදල් ගැන නොසිතන බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ආසාවෙන් ක්‍රීඩාකරන බවත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බොහෝදුරට හිමිවන ලසිත් මාලිංග පවසයි.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර ඩොලර් මිලියනයක ප්‍රසාද දීමනාවක් ගෙවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා නිවේදනය කළ අතර ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඊයේ (05දා) මාලිංග ඉහත අදහස් ප්‍රකාශ කර තිබුණි.
"අපිට කොපමණ මුදලක් ලැබෙනවාද කියලා හිතන්නේ නෑ. අපි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න කැමති නිසයි ක්‍රීඩා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනුව අදත් හෙටත් හැමදාමත් අපි ක්‍රීඩා කරනවා. ඒකේ වෙනසක් නෑ." යැයි මාලිංග සඳහන් කරයි.
එසේම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පසුව පන්දුවාර 20-20 පිටියෙන් සමුගන්නා මහේල හා සංගා ගැනද ලසිත් මාලිංග සිය අදහස් ප්‍රකාශ කළේය. " ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ලෝකයටම ඔවුන් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්. මම ඔවුන් දෙදෙනා යටතේම ක්‍රීඩා කළා. දැන් ඔවුන් මම යටතේ ක්‍රීඩා කරනවා. ඔවුන් හැමවේලාවෙම තරුණ ක්‍රීඩකයන්ට උදව් කරනවා. ඔවුන් දෙදෙනා වෙනුවෙන් උපරිමය කරන්න අපිට අවශ්‍යයි. ඔවුන් හැමවේලාවෙම මට හොඳ අවවාද දුන්නා. "
සංගා හා මහේලගේ විශ්‍රාම ගැනීම පිළිබදව දෝනිත් සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටයේ ඔවුන් නොමැතිවීමේ පාඩුව ශ්‍රී ලංකා කණ්ඩායමට දැනෙනු ඇති බවයි.