කතෝලික අගරදගුරු වහන්සේලා විසින් ඉදිරිපත් කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ශ්‍රී ලංකා හමුදාව කිසිම අවස්ථාවකදී සාම්ප්‍රදායික නොවන යුද අවි භාවිත නොකළ බවත්, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේය.
කතෝලික අගරදගුරු වහන්සේලා විසින් ස්ටීවන් ජේ රැෆ් මහතාගෙන් කළ ඉල්ලීම පිළිබඳව ‘අද’ට විශේෂ ප්‍රකාශයක් කරමින් බ්‍රිගේඩියර්වරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.
රුවන් වනිගසූරිය මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් පළවෙයි.
“උන්වහන්සේලා ඉදිරිපත් කර තියෙන චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මානුෂීය මෙහෙයුම පැවති සමයේ විතරක් නෙවෙයි යුද්ධය ආරම්භයේ පටන් කිසිම අවස්ථාවක සාම්ප්‍රදායික නොවන යුද අවි භාවිත කළේ නෑ.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කළේ සාම්ප්‍රදායික අවි. මේ අවි කිසිසේත්ම නීති විරෝධී හෝ ජාත්‍යන්තර නීතියට පටහැනි අවි ආයුධ වශයෙන් කිසිම රටක් සලකන්නෙ නෑ.
මෙතුමන්ලා නීති විරෝධියි කියල කියන්නේ සාම්ප්‍රදායික අවි වලටයි. එය උන්වහන්සේලාගේ නෙදැනුවත්කම විය හැකියි. එහෙම නැත්නම් ත්රස්තවාදීන්ට උඩගෙඩි දුන් ජාත්‍යන්තරයේ බෙදුම්වාදී කල්ලි වලින් උන්වහන්සේලා නොමගයවලත් විය හැකියි.
නමුත් අපට කණගාටුවට කාරණාව නම් සිවිල් ජනතාව දහස් ගණනින් ඝාතනයට ලක්වෙද්දී නිශ්බ්දව සිටින එකයි. මේවා ඇත්ත නොවන බව දැනගෙන කියවනවා වෙන්න පුළුවන්. මේ වගේ උසස් තත්ත්වයට පත් උතුමන්ලාත් පහසුවෙන් නම්වා ගන්න ත්‍රස්තවාදී හිතවාදීන්ට හැකියාව ලැබීම කණගාටුවට කාරණාවක්. ඒක අපි හැමෝම සමස්ථයක් වශයෙන් කණගාටු විය යුතු තත්ත්වයක්”