මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සුදුසුකම් තීරණය කරන්නේ වෛද්‍ය සභාව බවත් වෛද්‍ය සභාව ස්වාධීන බවත් මේ සඳහා රජයේ බලපෑමක් කර නොමැති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදු වෙමින් ඇති බවත් එහිදී සාධාරණ තීන්දුවක් ලැබේ යැයිද වෛද්‍ය සභාවටද මෙහිදී කරුණු දැක්විය හැකි බවද අමාත්‍යවරයා කීය. සයිටම් පිළිබඳව රජයට ප්‍රතිපත්තියක් යනුවෙන් කරුණක් නොමැති බවද හෙතෙම පැවසූයේ අද(06) පැවති මාධ්‍ය හමුවකදීය.