වෘත්තීය සමිතිවල ගැටලුවක් රැගෙන මිස තමා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.
එම අමාත්‍යාංශයේ තනතුරු හෝ පත්කිරීම් සිදු කිරීමේදී තමා ඇඟිලි ගසන්නේ නැති බවද ඔහු කීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (31දා) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
“අපි ජනවාරි 08 වැනිදා පවුල්වාදය පරාජය කළා. නැවත මේ ආණ්ඩුව යටතේ අපි පවුල්වාදය ගේන්නෙ නෑ. අපි පවුල්වාදයට ඉඩ තියන මිනිස්සු නොවෙයි. ඔය අමාත්‍යාංශයට යන්නෙ නැත්තෙ ඇයි කියලයි මිනිස්සු අපෙන් අහන්නේ. පුළුවන් නම් ඔය නිලධාරීන්ගෙන් හරි ඕනෑම පුද්ගලයෙකුගෙන් අහන්න වෘත්තීය සමිතිවල ගැටලුවක් අරගෙන මිසක් අපි ඒ අමාත්‍යාංශයටවත් අඩුම ගානෙ යනවද කියලා.
එහෙම නැතිව ඒ අමාත්‍යාංශය සමග අපටත් ගනුදෙනුවක් තිබෙනවා. ඒ අමාත්‍යාංශයේ ප්රජාතන්ත්රවාදී සේවක සංගමයේ සභාපතිවරයා මම. රට වටේ තියෙන වෘත්තීය සමිති ගැටලු අරගෙන අපිවෘත්තීය සමිතිවිදියට අමාත්‍යතුමා එක්ක ඉඳගත්තා.අවුරුදු 10-12 තිබුණ ගැටලු එහිදී විසඳගත්තා.
මම තනතුරු ලබාදීමේදී ඇඟිලි ගහලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු තනතුරු ලබාදෙන්නෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. මගේ මවට තනතුරු ලබා දුන්නෙත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්" යනුවෙන්ද හෙතෙම පවසා සිටියේය.