"රටක නිදහස සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වෙන්නේ, ඒ රටේ දේශපාලන නිදහස නිවැරදි ආකාරයෙන් පැවතීමෙන්. ඒ රටේ ආර්ථික නිදහස, සමාජීය සමානාත්මතාවය නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීමෙන්. ඒ අරුතෙන් අපි තාමත් ඉතාම දුර්වල බව ප්‍රකාශ කළ යුතුයි"යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසිය. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති හෙන්රි පේද්‍රිස් මහතාගේ ශත සංවස්තර ගුණානුස්මරණ වැඩසටහනට එක් වෙමිනි.
"බලය පසුපස පමණක් හඹා යාමෙන් බලය කෙසේ හෝ ලබාගැනීමට ක්‍රියා කිරීමෙන් එම ආදර්ශය, එම අනාගතය අපට ගොඩනගන්නට බැහැ. ඒ සදහා ප්‍රතිපත්තිගරුකව ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමෙන් පමණයි ඉතිහාසය නිර්මාණය වෙන්නේ.
මේ රටට අනාගතය කරා යන්න ඉතාමත් වටිනා අවස්ථාවක් අද උදාවෙලා තිබෙනවා. මේ රටේ සමාජීය දර්ශක ගත් කළ ඉතාම හොද තැනක පවතිනවා. එය අත්පත් කරගැනීමට ඔස්ටේ්රලියාව, නවසීලන්තය, ජපානය වැනි පළමු ලෝකයේ රටවල් කියන කිසිම රටක් සමත් වෙලා නැහැ.
මේ දියුණු සමාජයට උචිත දියුණු දේශපාලනයකුත් ගොඩනැගිය යුතු වෙනවා. ඒ දියුණු දේශපාලන දැන උගත්, වියත්, අවංක, යුක්තිය, සාධාරණය සමග රට ගොඩනැගිය හැකි දේශපාලනයක් බවට පත්විය යුතුයි.
මේ කලාපයේ බලගතුම, සුපිරිම රට බවට පත්වීමේ හැකියාව අපට තිබෙනවා. ඒ නිසා මේ රට අහරින් ස්වයංපෝෂිත කරගන්නට, ඒ වගේම ඖෂධවලින් ස්වයංපෝෂිත කරගන්නට, ඉන්ධනවලින් ස්වයංපෝෂිත කරගන්නට, ඉතාමත්ම ශක්තිමත් අවස්ථාවක් අද උදාවී තිබෙනවා. මේ රටේ බිමෙන් අද ඛණිජ තෙල්, ඒ වගේම ගෑස් සම්පත අපිට ලැබී තිබෙනවා. මේ රට ඉදිරි කාලයේදී මහා ඉදිරි පිම්මකට ගෙනියන්නට අපට ඒ සම්පතම ප්‍රමාණවත් වෙනවා " යැයි අමාත්‍යවරයා පැවසීය.