උතුරේ දෙමළ ජනතාව ත්රස්තවාදයට අකමැති බවත්, ඔවුන් නිදහසේ ජීවත් වන බැවින් අසත්‍ය ප්‍රචාර හරහා දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර සමගිය බිඳ වැටෙන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.
එමෙන්ම යාපනය චාවකච්චේරියෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය ගැන ආරක්ෂක අංශ පුළුල් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බවට පතුරුවන කතා අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.
යළිත් වතාවක් රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට තර්ජනයක් ඇතිවීමට කිසිවිටක ඉඩ නොතැබිය යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.