තමන් ඕනම ඡන්දයකට මෙන්ම අභියෝගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලැබීමත් සමග භාණ්ඩ 6600ක් යුරෝපයට අපනයනය කිරීමේ අවස්ථාව ලැබුණ බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව දියුණු කර ඉදිරියට ගෙන යන බවත් ලබන වසරේදි ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇත ණය මුදල රුපියල් කෝටි 96000ක් බවත් ඔහු සඳහන් කළේය. 2020 වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 225000ක් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව වරාය හා ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බවත් කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවත් හෝටල් ගණනාවක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ දැනට පවතින වරායට අමතරව වරායට උතුරින් තවත් වරායක් ජපානය හා ඉදිකරන බවත් ඔහු පැවැසීය. රට සංවර්ධනය කර 2020දී වරම ඉල්ලන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.