“පසුගිය කාලයේ වූ සිදුවීම් සමඟ ඉදිරියට යෑම එතරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්නේ මේ රට එකමුතුව තියා ගන්න. ශ්‍රී ලාංකිකයින් හැටියට සියලුම දෙනාට එකට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. යැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වෙමිනි. එම අධිකාරියේ මුස්ලිම් මජ්ලිස් සංවිධානය කළ මෙම ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට ජාතික ඒකාබද්ධතා සහ ප්‍රති සන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆව්සි මහතාද එක් විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ 28 වැනි අවස්ථාවද මෙය වේ. මරදාන බුකර්ස් උත්සවශාලාවෙදී එය පැවැත්විණ. ඊට සහභාගි වූ ඉස්ලාමීය බැතිමතුන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලුම ජාතීන්ට එකට වාසය කළ හැකි වාතාවරණයක් මේ වනවිට රට තුළ ගොඩ නැගී ඇති බවයි. ආයතනයේ සේවය කිරීමේදී දෙමළ, මුස්ලිම් යනාදී භේද නොසලකා කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.