විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ වැටුප් පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට විශේෂ කමිටුවක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ කමිටුවේ තීරණ මත මේ වසරේ අගෝස්තු මාසය වන විට ලංවිම සේවකයින්ගේ වැටුප් ප්රශ්නය පිළිබඳව පැහැදිලි විසඳුමක් ලබාදෙන බවත් ඒ සඳහා අපිට සාධාරණ කාලයක් ලබාදෙන් ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය වර්ජන උද්ඝෝෂණ අවශ්‍ය වෙන්නේ නිදාගත් පාලකයින් කූද්දන්න. නමුත් වර්තමාන පාලකයින් වශයෙන් අපි හැමදෙනාම ඉන්නෙ අවදියෙන්. අපි නිදි නැහැ. නිද්‍රාශීලී ස්වරූපයෙන් ඉන්නෙත් නැහැ. ඒ නිසා කූද්දන්න අවශ්‍ය නැහැ. මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි අවදියෙන් ඉන්නේ,
විදුලිබල මණ්ඩලය වශයෙන් අපි හොද ශක්තිමත් ප්රගතිශීලි ගමනක් යන මොහොතක්. මේ දිනවල අපේ අවධානයට භාජනයවුණ සංකීර්ණ ප්‍රශ්නයක් තිඛෙනවා. හැබැයි කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නැති වෙන්න බැහැ. මම සෑම සතියකම අගහරුවාදා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්කරගෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි ඒ කතා කරන්නේ විදුලිබල මණ්ඩල සේවක සහෝදර දහෝදරියන්ගේ, විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල ක්ශේත්‍රයට බලපාන ගැටළු සහ අනාගතය සම්බන්ධවයි. යැයි පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(31) නගරසභා ශාලාවේ පැවති ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙමිනි.