අපායේ තත්පර 7700 ක් චිත්රපටය නිශ්පාදනය කිරීම සඳහා මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ නවයක ණය මුදල නොගෙවන ලදැයි කියමින් මහජන බැංකුව විසින් ප්රවීන චිත්රපට අධ්යක්ෂක දිනෙෂ් ප්රියසාද් මහතා ඔහුගේ බිරිද ඇතුලු පිරිසකට එරෙහිව පවරන ලද නඩුව කොළඹ දිසා අධිකරණය විසින් නිශ්ප්රභා කිරීමට එරෙහිව මහජන බැංකුවෙන් ඉදිරිපත් කොට තිබු අභියාචනයද බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය විසින් ප්රතික්ෂේප කරන ලදී.
ලබාගත් ණය මුදලින් අපායේ තත්පර 84000 ක් නමින් චිත්රපටයක් නිපදවන ලදැයි පැමිණිල්ලෙන් පැවසුවත් එය එක් චිත්රපටයක් නොව චිත්රපට දෙකක් බවට දිසා විනිසුරුවරයා ගත් තීරණය නිවැරදි බව තීන්දු කළ බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය මහජන බැංකුව විසින් ඉදිරිපත් කොට තිබු අභියාචය ප්රතිෙක්ෂප කළේය.