"එක් කෙනෙක් කිව්වනේ අප්පච්චි මළා කියලා, ඒ ගොල්ල දැන ගන්න ඕන පුතාලාත් මළා කියලා. මොකද ඒ සංස්කෘතියේ ඉන්න සේරටම පිළිතුර ලැබුණා. සන්ධානයේ ඉන්නේ පරාජිත මන්ත්‍රීවරු. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා ඒ අය ගෙදර යන්න ඕන" යැයි උපුල් සාන්ත සන්නස්ගල මහතා පවසයි.
බී.බී.සී. සිංහල සේවය හා සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රාජ්‍යයි ආණ්ඩුවයි යනු දෙකක් බව කී සන්නස්ගල මහතා ආණ්ඩුව වෙනස් වූ පමණින් රාජ්‍යයට ගැටලු ඇති නොවන බවත් පැවැසීය.
වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් ඔහු පැවැසීය.
ආණ්ඩුව පත්වූයේ දින 100කට බැවින් 101 වැනි දවසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියානම් එය ප්රජාතන්ත්රවාදය බවද ඔහු කීවේය.
දැන් තිබෙනනේ අරාජිත පාර්ලිමේන්තුවක් බවද ඔහු පැවැසීය.
තමන්ට මහින්ද රාජපක්ෂ හිටුපු ජනපතිවරයා සමග හෝ පවුල සමග ප්‍රශ්නයක් නැති බවත් ප්රශ්නය තිබුණේ ඔහු හා ඔහු වටා තිබුණ දේශපාලන සංස්කෘතිය බවත් ඔහු කීවේය.
"මේ රටේ විධායක ජනපතිධුරයට පත්වූ ඉතාම යහපත් පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මට විශාල බයක් දැනෙනවා අර වටේ ඉන්න සමහර කාලකණ්නි මේ මනුස්සයාව ඉවර කරයි කියලා."යනුවෙන්ද ඔහු පැවැසීය.