බොදුබල සේනාව රතන හිමියන්ගෙන් විමසයි
අපවිත්‍ර පුද්ගලයන් සමග එකතු වී 'පිවිතුරු හෙටක්' සාදන්නේ කෙසේදැයි රතන හිමියන්ගෙන් විමසන බවද රතන හිමියන් ජාතික ව්‍යාපාරයක් විනාශ කළ හිමිනමක් බවද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
ඊයේ (11දා) කිරුළපනදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විකල්ප හතරක් බොදුබල සේනාව සතුවන බවද ආණ්ඩු පක්ෂයට සහය දීම, විපක්ෂයට සහයදීම, කිසිවකුට සහය නොදී සිටීම, ජනාධිපතිවරණයට තම සංවිධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම එම කරුණු හතර බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
බොදුබල සේනාවේ කරුණු සමග ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය එකඟ නොවන්නේ නම් බොදුබල සේනා සංවිධානය සාකච්ඡාවකින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද එලෙස ඉදිරිපත් කළහොත් තියුණු තරගයක් දීමට බලාපොරොත්තු වන බවද පැවසූහ.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පවුල්වාදය පිළිබඳ කවුරුන් හෝ කතා කරනවා නම් අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන පවුල් වාදය පිළිබඳවත් කතා කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ කතා කළයුතු ගැටලු පිළිබඳ කතා නොකර ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කිරීම නිෂ්ඵල කාර්යයක් බවද ඥනසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා