නිට්ටඹුව - ගිරිඋල්ල පෞද්ගලික බස් රථ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ගැබිනි මාතාවකට සිය දරුවා අහිමි වී තිබේ. නවතා තිබූ බස් රථයක් එක්වරම ධාවනය කිරිමට කටයුතු කිරීමේදී එහි ඉදිරියෙන් ගමන් කළ ගැබිනි කාන්තාවක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
බස් රථය ගැබිනි මාතාවගේ පාද මතින් ධාවනය කර ඇත. තුවාල ලැබූ ගැබිනිය වතුපිටිවල රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරු කර තිබේ. කෙසේ වෙතත් අනතුරේ බලපෑම හේතුවෙන් ගැබිනියට දරුවා අහිමිවී ඇත. අනතුර අද (27දා) සිදුව තිබේ.