අපරාධ වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට අදාළව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව, වයස අවුරුදු 8කට අඩු ළමයෙකුට අපරාධ වගකීම පවරනු නොලැබේ. එහෙත් මෙය ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්රවල විශේෂඥවරුන්ගේ මතය වී ඇත.
මෙම වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමටත්, වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14 ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීමේදී එහි බැරෑරුම්කම් තේරුම් ගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට තිබුණේ ද යන්න පිළිබඳව තීරණය කිරීමේ අභිමතය මහේස්ත්රාත්වරයාට ලබා දීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
එවැනි අවස්ථාවකදී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළඹීමට විශේෂඥ සහාය ලබාගැනීමට මහේස්ත්රාත්වරයාට හැකි වනු පිණිස එකී ළමයා රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමට හැකිවන පරිදි අදාළ විධිවිධාන සලසමින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට නියමිතය.