මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ ලෝකයේ තෝරු, මෝරු, හල්මැස්සෝ ඇතුළු සියලුම දෙනාම නීතියේ දැලට හසු කරගෙන නීති මගින් කටයුතු කරන බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවත්, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය, ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය ආසියාවේ අනෙකුත් රටවලට බෙදාහරින බවට තහවුරු වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීවෙNo Drugs අපි Yout තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ඊයේ(12දා) පවත්වන ලද වැඩසටහනට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීට අමතරව බ්‍රසීලය වැනි දකුණු ඇමෙරිකානු රටවලින් ගෙන්වන මත්ද්‍රව්‍ය හුවමාරු කරගැනීමේ මධ්‍යස්ථානය ලෙසටද ශ්‍රී ලංකාව යොදාගන්නා බවද ඇමතිවරයා කියා සිටියේය.
මේ ආකාරයට ගෙන්වන මත්ද්‍රව්‍යවලින් 95% ක ප්‍රමාණයක් වෙනත් රටවලට හුවමාරු වන බවත්, 05%කට ආසන්න ප්‍රමාණයක් රට තුළ සංසරණය වන බවත්රත්නායක මහතා පවසා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා රට තුළ සංසරණය වන 5% ක ප්‍රමාණය රට විනාශ කිරීමට ප්‍රමාණවත් බවත්, පාතාල කල්ලි තමන්ගේ ව්‍යාපාර ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවත් ඒ මහතා කියා සිටියේය.
මේ නිසා මෙම ජාවාරම රටින් තුරන් කිරීම රට තුළ විශේෂ වැඩපිළිවෙළක් දියත් වන බවත්, මේ යටතේ ශ්‍රී ලංකා පොලීසිය තුළ නව දිසාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කිසිදු පුද්ගලයෙකුට යටත් නොවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හා පාතාල ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.