2017 ජූලි මාසයේදී අපනයන ආදායම මෙම වසර තුළ දෙවැනි වරටත් ඇ.ඩො.බිලියනය ඉක්මවා ගොස් තිබේ.
2017 මාර්තු මාසයේ සිට දක්නට ලැබුණු අපනයන වර්ධනය වීමේ ප්රවණතාව තවදුරටත් පවත්වා ගනිමින් මෙම වර්ධනය පෙන්නුම් කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, 2017 ජූලි මාසයේ අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,016ක් දක්වා 13.9%කින් වර්ධනය වී තිබේ.
අපනයන වර්ධනය සඳහා කාර්මික අපනයන ඉහළම දායකත්වයක් දක්වා ඇති අතර, දෙවනුව කෘෂිකාර්මික අපනයන දායක වී තිබේ.