අපට කරනවා කියූ කිසිවක් ඉටුවෙලා නෑ - විග්නේෂ්වරන්
ජනාධිපතිවරයා සමග තමාගේ කිසිදු අමනාපයක් නොමැති නමුත් තම ජනතාව වෙත කරනවා කියූ කිසිවක් අද වනතුරු ඉටු වී නොමැති බව උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා පවසා සිටියේය.
උතුරු පළාත් මහ ඇමතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කොස්ලන්ද නාය යෑමට ලක්වූ ප්‍රදේශයේ උතුරේ දෙමළ නායකයන් කළ සංචාරයේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
මෑතකදී ජනාධිපතිවරයා උතුරට පැමිණි අවස්ථාවේ එම කටයුතුවලට සහයෝගය දීම සඳහා නොපැමිණියේ මන්දැයි විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගෙන් එහිදී ප්‍රශ්න කර තිබුණි.
"ඒක ගිහිල්ල ජනාධිපතිතුමාගෙන් අහන්න. මගේ මිනිස්සු එපා කියද්දී මම දිවුරුම් දුන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ. එයත් එක්ක මගේ කිසිම අමනාපයක් නැහැ. මට කියන්න තියෙන්නේ අපිට කරනවයි කියපු කිසි දෙයක් අද වෙනකල් කරලා නැහැ. එච්චරයි." යනුවෙන් මහ ඇමතිවරයා පවසා තිබුණි.
මේ අතර, නායයෑමට ලක්වී ඉඩම් අහිමි වූවන්ට රජයෙන් ඉඩම් නොලැබෙන්නේ නම් ඔවුන්ට උතුරෙන් ඉඩම් ලබාදීමට තමා සුදානම් බව උතුරු පළාත් මහ ඇමතිවරයා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ දෙමළ නායකයන් දැඩි විරෝධයක් එල්ල කර තිබූ බවද කියැවෙයි.
ඊට විරෝධය පාමින් ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන් කියා තිබුණේ තම ප්‍රදේශයේ ජනතාව රැක බලාගැනීමට තමන්ට හැකියාව ඇති අතර දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවට සේවය කිරීම වඩා හොඳ බවය.
කෙසේ වෙතත්, උතුරු පළාත් මහ ඇමතිවරයා ඌව සංචාරයේදී කියා තිබුණේ, බලහත්කාරයෙන් යමක් කිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවය.
"ඒ අයට උවමනාවක් තියෙනව නම් අපිට ඕන උදව්වක් කරන්න පුළුවන්. බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්න අපි මෙහෙ ආවේ නැහැ. මෙහෙම දෙයක් සිදු වුණාම අපේ වේදනාව පෙන්වන්නයි අපි ආවේ." යනුවෙන් මහ ඇමතිවරයා පවසා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
