රටට අනුචිත ව්‍යවස්ථා සංශෝධනයකට කිසිම විදියකින් පෙනී නොසිටින බවත්, එසේම රටට අහිතකර කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට ජනාධිපති හෝ අගමැති යොමු නොවන බවද වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.
හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අද (08දා) උදෑසන පැවැති උත්සවයකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය බදාදා කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අද වෙනකම් විදේශීය බලපෑම් ඇවිල්ලා නැහැ කියලා. ඒ වගේම එක එක පුද්ගලයන්ට, පිටරැටියන්ට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ නැහැ කියන එකත් එතුමා කිව්වා. නමුත් මැති ඇමතිවරු වෙලා බලය ලබාගෙන මේ රටේ හිටපු සමහර කොටස් ඉන්නවා අනවශ්‍ය දේවල් තමුන්නාන්සේලාගේ ඔළුවට දානවා. කැබිනට් මණ්ඩලයක් විදිහට අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් වෙනස් කළ යුත්තෙ අපේ රටට උචිත ව්‍යවස්ථාවක් ලබාගැනීමටයි” යැයි පැවසීය.