පසුගිය රජය යටතේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා ජනවාරි 08 න් පසුව මේ දක්වා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
එසේ සිටින අතරතුර ඔහු වෙනත් ස්ථානවලට අනුයුක්ත කර තිබෙන බවත් ඇමතිවරයා පැවසුවේය. එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගියදා පැවති ආපදා තත්ත්වයට මුහුණදීමට නිලධාරීන්ගේ හිඟයක් පැවති බවින් ඒ පිළිබඳව දන්වා යැවූ පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අනූෂ පැල්පිට මහතා දින කිහිපයකට අනුයුක්ත කළ බවයි.