ගාල්ල, පියදිගම ප්රදේශයේ අසලින් ගමන් කළ ත්රිරෝද රථයක් දුම්රිය මාර්ගයට ඇදවැටීමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් සිදුවීමට ගිය මාරක රිය අනතුරක් වළාකා ගැනීමට තමන්ට හැකිවූ බව ප්රදේශවාසීහු පැවසූහ.
අදාළ ත්රිරෝද රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෙනත් වාහනයකට ඉඩලබාදීම සඳහා කටයුතු කිරීමේදී පාලම අසල වූ විදුලි පහන් කණුවද පෙරළාගෙන දුම්රිය මාර්ගයට ඇඳ වැටී තිබේ.
අනතුරින් ත්රීරෝද රථ රියදුරු සුලු තුවාල ලබා ඇති අතර වහාම ඒ සඳහා මැදිහත්වූ ප්රදේශවාසීන් එම ප්රදේශයට පැමිණෙමින් තිබූ දුම්රිය නවතා ගැනීමට හැකිවීමෙන් සිදුවීමට ගිය මාරක අනතුරු වලකාගන්නට හැකිවී තිබේ.
මේ හේතුව මත ගාල්ල කොළඹ දුම්රිය මාර්ගය පැය භාගයකට අධික කාලයක් ප්රමාද විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්රදේශවාසීහු ඉක්මනින් අලුත්වැඩියාවක් නොකළහොත් පියදිගම කළු පාළමද දුම්රිය මාර්ගයට කඩා වැටෙන දිනය වැඩි ඈතක නොවන බව සඳහන් කර සිටියහ.