අනුරුද්ධ පොල්ගම්පොල රිමාන්ඩ්
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීමට අදාළව අත්අඩංගුවට ගත් රාජ්ය දැව සංස්ථා හිටපු සභෘපති ලබන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
8.24 AM අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට
රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරුද්ධ පොල්ගම්පොල රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක් තුළ ජනපතිවරයා ඔහුව තනතුරෙන් ඉවත් කළේය.
ඔහුට පෙර රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ පී. දිසානායකද රුපියල් මිලියන 20 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

