පුරාතනයේ ලිපි හුවමාරු කිරීමේදී පක්ෂීන් වැනි සතුන් යොදාගත් බවට වර්තමාන පාසල් දරු දැරියන්ට පෙන්වාදීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා පරවියන් 12 දෙනෙකු යොදාගත් අතර, විදුහල්පතිවරයා හා පාසල් දරුවන් විසින් කඩදාසි කැබැල්ලක සටහන් කරනු ලැබූ රහස් පණිඩියක් පරවියන්ගේ එක් පාදයක ගැටගසා ඉහළ අහසට මුදාහැරීම මෙහිදී සිදුවිය.
අනුරාධපුර ඩී.එස් සේනානායක විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් එදින පෙරවරු 08.26 ට මුදාහරින ලැබූ පරවියන් පෙ.ව. 10.45 වන විට වත්තල හැඳල හන්දිය ප්‍රදේශයට පැමිණි බවත්, පාසල් ළමුන් හා විදුහල්පතිවරයා විසින් එවනු ලැබූ රහස් පණිවිඩය ලැබුණු එහි සිටි විශේෂ නියෝජිතයෙකු මගින් පාසලේ සිටි පිරිසට දුරකථනයෙන් දැනුම් දෙන ලදී. කොළ කැබැල්ලේ සටහන් කර තිබූ රහස් පණිවුඩ දුරකථන මාර්ගයෙන් ඇසීමෙන් අනතුරුව පාසල් ළමුන් මෙන්ම වැඩිහිටියෝද මවිතයට පත්වූහ.
අනුරාධපුර බී.ජී චතුරංග /තිසර සමල්