දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු ප්‍රදේශ රැසක හෙරොයින් බෙදාහැරීමේ නිරත වු පුද්ගලයන් 06 දෙනෙක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී ඊයේ (25දා) රාත්‍රියේ උතුරුමැද පළාත්භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩු සමග අත්අඩංගුවට පත් වවුනියාවපම්පමඩු කඳවුරේ අණදෙන නිලධාරීවරයාව සිටි ලුතිනන් කර්නල්වරයාගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම්විශ්ලේෂණ වාර්තාවක් ඔස්සේ මාස කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශන වලින් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මහව, නාත්තන්ඩිය, වාරියපොළ,කොළඹ09 හා දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සදහන් කරයි.