අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ පැතිර යන වෛරස් උණ, ඩෙංගු උණ හා ඉන්ෆුලුවෙන්සා එච්-01, එන්-01රෝගයන් හේතුවෙන් රෝහල් කරා පැමිණෙන පිරිසේ විශාල වර්ධනයක් වී ඇතැයි එම රෝහල්වල වෛද්‍යවරු පවසයි.
අනුරාධපුර නගරය ඇතුළු අනෙකුත් සියලුම ප්‍රදේශවල ඉහත උණ රෝගයන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත්, මේ අතර ඩෙංගු වැලඳුණු පිරිස් විශාල වශයෙන් හමුව ඇති බවත් වෛද්‍යවරු සඳහන් කරති.
එලෙස ඇතුළත් වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදේශීය රෝහල්වල පහසුකම් නොමැති නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවීම සිදුකරන බව ප්‍රාදේශීය රෝහල්වල ස්ථානභාර වෛද්‍යවරු පැවසූහ.
ඒ අතර පසුගිය සතිකිහිපය පුරාම ඩෙංගු උණ රෝගය අමතරව ඉන්ෆුවෙන්සා වැලඳුණු රෝගීන්ද හමුවූ බවත්, මීට අමතරව දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වන බවත්, මේ හේතුවෙන් පාසල් ළමුන් රාශියක් මෙවැනි රෝගවලට ගොදුරුව නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු පවසති.
මෙම රෝගයන්ට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම පැපොල වැනි රෝගී තත්ත්වයන් පැතිර යාමේ අවදානමක් පවතින බවත්, ඒනිසා බෙහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කර සිටියහ.