ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.
ඒ මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
මේ අතර මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙස තේනුක විදානගමගේ මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ඒ මහතා ඊයේ (10දා) ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
අනුර විදානගමගේ මහතා
තේනුක විදානගමගේ මහතා