රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නැවතත් එළැඹෙන 20 දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරස් මහතා අද (07දා) නියෝග කළේය.
එසේම අදාළ චෝදනා යටතේ අත්ඩංගුවට ගත් නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. සැකකරුවන්ට අැප අවශ්‍යනම් ඒ සඳහා මහාධිකරණය ඇප අයදුමක් යොමු කළ හැකි බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.