රගර් ක්‍රීඩක වසීන් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළැයි යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නැවතත් එළැඹෙන 23දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (09දා) නියෝග කළේය.
එසේම එම චෝදනා යටතේම අත්අඩංගුව ගැනුණු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාද 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.