භූමියේ අරගල කරනවා යැයි පවසමින් "ගම ජවිපෙට" ඉල්ලූ අනුර කුමාර දිසානායක මහතාට එක් කොට්ඨාසයක් හෝ දිනාගැනීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
2020දී රටේ බලය ගන්නට බලා සිටි වාමවාදී දේශපාලන පක්ෂය මෙවැනි තත්ත්වයට ඇදවැටී ඇත්තේ ඩීල් දැමීමේ ප්‍රතිඵල නිසා බවද ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්රචාරක ලේකම්වරයා කීවේය.
ජවිපෙ යම් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ලබා ඇත්තේ සමානුපාතික ලැයිස්තුවට පිංසිද්ධ වන්නට බවත්, බෙදුම්වාදයට පක්ෂව, සංස්කෘතික විනාශයට මුල පුරමින් ජවිපෙ තම ඉතිහාසය අමතක කිරීම නිසා රටේ ජනතාව විසින් ආණ්ඩුව සමග එකට තබා පරදවා තිබෙන බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.