දෙමාපිය අනියම් සබඳතා හේතුවෙන් පරිවාස භාරයට පත්කර සිටි 14 හැවිරිදි බාල වයස්කාර දැරියක් භාරගැනීම අධිකරණයේදී ප්‍රතික්ෂේප කළ මවට හා පියාට මාසිකව රුපියල් 8,000 බැගින් වන්දි මුදල් ගෙවන ලෙස කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේය.
මෙම දැරියගේ මවත්, පියාත් අනියම් ඇසුරුවලට පෙළඹී සිටින බැවින් දරුවා කෙරෙහි නිසි අවධානයක් යොමුනොවීම හේතුවෙන් තරුණයෙකු ඇගේ නිවසට පැමිණ ඇය දූෂණයට ලක්කර පළාගොස් තිබිණි.
අනතුරුව එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, වින්දිත දැරිය මාස කිහිපයක් පරිවාස දෙපාර්තමේන්තුවේ රැකවරණය යටතට පත්කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.
දැරිය භාරගැනීම අවස්ථා කිහිපයකදීම දෙමාපියන් විසින් අධිකරණයේදී ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද විනිසුරුවරයා මීට පෙර නියෝග කළේය.