කොස්ගම සාලාව හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ අනාරක්ෂිත සීමාව මීටර් 500 දක්වා අද (07දා)දින සිට අඩුකර ඇතැයි යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
පිපිරීමෙන් විසිරුණු උණ්ඩ කොටස් ඉවත් කිරීමට අවශ්‍ය බැවින් මෙම සීමාව පැනවූ බව කී ඒ මහතා, එවැනි උණ්ඩ කොටස් හමුවුවහොත් ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසදඉල්ලා සිටියේය.
උණ්ඩ කොටස් ළඟ තබාගැනීම නීතිවිරෝධී බවත්, සමරු උපකරණ වශයෙන් උණ්ඩ කොටස් ළඟ තබාගැනීමට සමහර පිරිස් කටයුතු කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.