අනාගත පරපුර වකුගඩු රෝගවලින් වළක්වා ගැනීම සඳහා රෝගයෙන් වැළකී සිටීමට කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සමස්ත පාසල් දරුවන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
විශේෂ වෛද්‍යවරුන් යොදවා ගනිමින් මෙම දැනුවත් කිරීම සිදුකරන බවත්, මෙහි පළමු වැඩසටහන මේ මස 15 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන බවද එම සංවිධානයේ සභාපති ආර්.ඒ. වික්රමපාල මහතා සඳහන් කළේය.
මෙහිදී රෝගයට වැලඳුණු පිරිස පිළිපැදිය යුතු කරුණු පිළිබඳව හා රෝගය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට ගතයුතු ආහාර පිළිබඳවත් දැනුවත් කරන බවද පවසා සිටියේය.