අන්දමන් හා නිකොබාර් දූපත්වල එල් ටී ටී ඊය ක්‍රියාත්මකයි- ඉන්දියාව
ඉන්දියන් සාගරයේ අන්දමන් හා නිකොබාර් දූපත්වල හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිය ත්‍රස්තවාදී ක්‍රියා තවමත් සිදුකරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ඉන්දීය පාර්ලිමේන්තුවේ ස්ථාවර කාරක සභාවට පවසා ඇත්තේ අන්දමන් හා නිකොබාර් දූපත්වල ත්‍රස්තවාදී සංවිධාන විසින් ත්‍රස්තවාදී කටයුතු සිදුකරන බවට පැතිර යන තොරතුරු කිසිසේත්ම බැහැර කළ නොහැකි බවයි.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ආරක්ෂාව පතා අන්දමන් හා නිකොබාර් දූපත්වලට පිවිස ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි.
බෙංගාල බොක්කේ සිට කිලෝමීටර් 1200ක පමණ දුරකින් ඉන්දියන් සාගරයේ මෙම දූපත් පිහිටා තිබේ. මෙම දූපත් සමූහය දූපත් 572 කින් සමන්විත වන අතර, එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 8249කි. දූපත් අතරින් 38 ක් ජීවත්වීම සඳහා සුදුසු නොවන අතර, මෙම දූපත් සමූහය ඉන්දියාවට අයත් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
