අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට පවතින ගැටලු පැවැසීම සඳහා විනාඩි 10ක කාලයක සාකච්ඡාවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබාදුන්නේය.
සිසුන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා අතර සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට ආරාධනා ලැබී තිබේ.
ප.ව. 6.00 පමණ වන විටත් සිසුන් වෝඩ් පෙදෙසේ මාර්ගය අවහිර කරමින් පාරේ වාඩිවී සිටියේය. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් ඒ සඳහා එක්ව තිබේ.
මෙම විරෝධතා පා ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට ආරම්භ කළේය.