සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා හෙට (04දා) කොළඹ නගරය තුළ දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් හා භික්ෂු අන්තරය විසින් පසුගිය 31 වැනිදා ආරම්භ කරන ලද විරෝධතා පාගමන හෙට (04දා) කොළඹදී අවසන් කරන බවද එම සංගමයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
කොළඹට පැමිණෙන පාගමනට සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකතු වන බවත්, ඉන් පසුව සියලුම දෙනා එකතු වී මෙම රැලිය පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.