සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද (13දා) කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොටුව දක්වා විරෝධතා පාගමනක් පත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
පාගමනින් විශේෂ ස්ථානයකට ගොස් විරෝධතාවය දැක්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වන විශේෂ සාකච්ඡාවට ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් කිසිවෙකුටත් ආරාධනා කර නොමැති බවත්, මෙහිදී එයටත් විරෝධය දක්වන බවද පවසා සිටියේය.