අන්තර්ජාලයේ තමන්ට මඩ ගසන බව ජනපති කියයි
එන්රිකේ ඉග්ලේෂිසිස් විසින් පැවැත්වූ සංදර්ශනය පිළිබඳ තමා දැක්වූ අදහස් අන්තර්ජාලය තුළ තමාව නැතිකිරිමට ඇතැමුන් භාවිතා කළ ද නැති කර දමන්නේ තම අභිමාවත් සංස්කෘතිය සහ ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය බව ඔවුන් සිහි තබාගත යුතුයැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විජාතික සංස්කෘතීන් වැළඳගෙන ඒවාට ඉහළ වටිනාකම් ලබාදී මාතෘ භූමියේ ශ්‍රේෂ්ඨත්වය සහ අභිමානවත් සංස්කෘතිය විනාශ කිරීමට තමා කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රධානෝත්සවය අමතමින් ජනනපතිවරයා මේ අදහස් අද (29දා) දැක්වීය.
අපේකම, අපේ උරුමයන් රැක ගනිමින් දක්ෂතා සහ නිර්මාණශීලී හැකියාවන් තුළින් ජාත්‍යන්තරය ජය ගෙන උතුම් රටක් ලෙස මේ රට ලෝකයා ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහෝදරත්වයෙන් එක්විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

