සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින 90ක පොදු සමාකාලය වෙනුවෙන් නැගෙනහිර පළාතේ පදිංචි අනවසරයෙන් සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකික පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීම හා ලියාපදිංචි වීම සඳහා පැය 24පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 3ක් හඳුන්වාදී ඇති බවනැගෙනහිර කලාපීය තානාපති කාර්යාලයීය අනුයුක්ත සුබසාධන කටයුතු මෙහෙයවන චාලි තලයරත්න මහතා සඳහන් කරයි.
මේ අනුව අදාළ පුද්ගලයන්ගෙන් ලබාගන්නා තොරතුරු මත එම පුද්ගලයන්ට මවුබිමට යාම සඳහා තාවකාලික ගමන් බලපත්‍රයක් ලබාදෙන බවත් ඒ මහතා පවසයි.
අනවසරෙන් එරට රැඳී සිටින පුද්ගලයන් වේ නම් 054-2069184, 054-2069140, 054-2069184 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඒ මහතා දන්වා සිටියි.
ලලිත් ප්‍රේමලාල්