අනවසර පුද්ගල සංක්‍රමණ වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක විධානයේ ප්‍රධානී රියර් අද්මිරාල් මයිකල් නූනන් මහතා හා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අතර සාකච්ඡාවක් අද (05දා) පැවැත්විණි.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම හමුව සිදු වූ අතර, එහිදී රියර් අද්මිරාල් මයිකල් නූනන් මහතා ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක සංවිධානය සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව දේශනයක්ද පැවැත්වීය.
නාවික මෙහෙයුම් සහ ගුවන් පාලන විශේෂඥයෙකු වන රියර් අද්මිරාල් මයිකල් නූනන් මහතා, වසර 2003 සිට 2009 දක්වා මැදපෙරදිග කලාපයේ ඔහු විසින් සිදුකරනු ලැබූ මෙහෙවර වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයේ විශේෂ ඇගයීමටද ලක්වී ඇත.